Saturday, April 20, 2024

අක්කර 42 ක වැලිකඩ බන්ධනාගාර ඉඩම බදු දෙයි

රුපියල් කෝටි 2630 ක පමණ ඇස්තමේන්තුගත කර අක්කර 42ක භූමි ප්‍රමාණයකින් සමන්විත වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත .

වැලිකඩ බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර ,හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 280 ක පමණ ඉඩමක නව බන්ධනාගාරය ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර,බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්,නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට මෙි වන විට යෝජනා වී ඇත .

ඒ අනුව මෙම ව්‍යාපෘති තුන සඳහා වැය වන මුදල වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවාගැනීමට ද යෝජනා කර ඇත .මෙම ව්‍යාපෘති තුන සහ ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 3147ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles