Thursday, April 25, 2024

අදත් ජනතාව පෝලිමේ…. ඉන්ධන මිලත් ඉහළ දැමීමට යයි..

ඇද වැටෙන ධාරාණිපාත වැසි මධ්‍යයේ ජනතාව අදත් ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් පෝලිම්වල සිටිනු දක්නට ලැබෙනවා.

ඒහෙත් ඉදිරි මාස 06 ඇතුළත ඉන්ධන මිල සහ බදු අනුපාතයන් ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. රොයිටර් පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

මේ අතර පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමටද අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ. මෙම ක්‍රියාමාර්ග ජනප්‍රිය නොවන නමුත් පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා කළ යුතු ඒවා බවයි මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ.  

මේ අතර ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500ක ණය සහනයක් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සති 05ක කාලයක් සදහා පමණක් බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

රජයේ නියෝජිත පිරිස අප්‍රේල් 18 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට නියමිතව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles