Friday, March 29, 2024

අදානි මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක

කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ගිවිසුම්ගත වූ ඉන්දියාවේ අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි ඊයේ (25) දිවයිනට පැමිණියා.

ඔහු ඊයේ පස්වරුවේ මන්නාරම ප්‍රදේයේ නිරීක්ෂණයක නිරත වී තිබෙනවා. අදානි මහතා සමඟ පැමිණි ඔහුගේ නියෝජිත පිරිස මෙලෙස මන්නාරම ප්‍රදේශයට ගොස් ඇත්තේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහායි.

ඔහු ඇතුළු තවත් නියෝජිතයන් 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 2කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබුණු අතර, අදානි මහතා සහ ඔහුගේ නියෝජිත පිරිස සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා මෙසේ මන්නාරම වෙතද පැමිණ ඇත.

මෙම නියෝජිත පිරිස මන්නාරමට පැමිණ තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් බවද වාර්තා වේ.

මේ අතර ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවීමට සැලසුම් කර තිබූ බවත්, ඔහු බලශක්ති ක්ෂේත්‍රයේ මෙරට ආයෝජන සිදුකිරීමට කැමැත්තෙන් සිටින බවත් ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles