Friday, April 19, 2024

අද දිනයේදීත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සජබය තීරණය කරයි

පාර්ලිමේන්තු රැස්වීම අද තෙවැනි දිනයටත් වර්ජනය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

සිය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් ඉල්ලා කථානායකවරයාට ලිපියක් ද භාරදෙන බවයි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ.

ඊයේ දිනයේදීත් සමගි ජන බලවේගයේ කථිකයන් නොමැතිවීම හමුවේ සභාවේ කටයුතු පැය 03 කට පමණක් සීමා කෙරුණා.

තම මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් හිරිහැර සිදු වන බවටත් මැතිසබයේ භාෂණයේ නිදහස අහිමි කර ඇති බවටත් චෝදනා කරමින් එම මන්ත්‍රීවරු ඊයේ සහ පසුගිය සෙනසුරාදා දිනවලද මැතිසබය වර්ජනය කළා.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ඊයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles