Saturday, April 20, 2024

අද පෙට්‍රල් හිඟයි.. ඩීසල් සහ ගෑස් ඇත! අනිද්දා සිට පෝලිම් අඩුවන ලකුණු…

පෙට්‍රල් ලබා ගැනීම සඳහා අද (18) දිනයේත් පෝලිම්වල රැඳි සිටීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නමුත් ඊයේ (17) රාත්‍රියේ සිට මේ මොහොත වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටියහ.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, අද(18) දිනයේත් පෙට්‍රල් නිකුත් කරන්නේ සීමා සහිතව බවයි.

නමුත් හෙට(19) සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේ ය.

මේ අතර දිවයිනට පැමිණි බොරතෙල් නැව සඳහා අද මුදල් ගෙවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති දැවි තෙල් හා පෙට්‍රල් නෞකා සඳහා ද කඩිනමින් මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි.

ඒ අතර ගෑස් නෞකා 02 ක් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් මෙට්ට්‍රික් ටොන් 2800 ක් රැගෙන මෙරටට පැමිණ ඇති නෞකාවක ගැස් ගොඩබෑම අද රාත්‍රියේ සිට ආරම්භ කරන බවයි එම සමාගම පැවසුවේ. ඒ අනුව හෙට සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් බෙදාහරින බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කළා. 

මේ අතර පවතින පෙට්‍රල් හිගය ඉදිරි දින 02 හෝ 03 ඇතුළත අවසන් වනු ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි ක්‍රිෂාන්ත වික්‍රමසිංහ පැවසුවේ මේවනවිට පෙට්‍රල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කිරීමට සිදුව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles