Friday, March 29, 2024

අද රත්වෙන හැටි!

අද දිනයේ දිස්ත්‍රික්ක 8ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හා මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවය. 

ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල  සහ මාතලේ යන දිස්ත්‍රික්කවල හෙට දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන ආකාරයට උණුසුම ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔබ එළිමහනේ කටයුතු කරන අයෙක් නම් අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය.

ඊට අමතරව සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට ද එළිමහනේ කටයුතු කරන පුද්ගලයින් කටයුතු කළ යුතුය. සමේ තෙතමනය ආරක්ෂා කරන සහ හිරු රැස්වලින් ආරක්ෂාවන ආලෙපන සුදුසු බවත් පෙන්වාදෙති.

ඔබ වැඩ බිම් තුළ සිටින අයෙක් නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුය.

නිවෙස් තුළ රැඳී සිටින වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ රඳවා නොයන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

ඒ් අතර බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් අද දිනයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

මේ අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles