Saturday, April 20, 2024

අද විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක සදහන් කල ආකාරයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඊයේ දිනයේදී ලබාගත් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000 විදුලි සැපයුම තව දුරටත් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් වේ. ඒ අනුව අද දින විදුලි කප්පාදුවක් සිදු නොවේ.

විදුලි ඉල්ලුමෙහි වැඩි වීමක් සිදු නොවුන හොත් ලබන අඟහරුවාදා වනතෙක් අදාළ ඉන්ධන තොගය ප්‍රමාණවත් බව ඔහු තව දුරටත් පැවසීය. විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් වන තීරණය ලබන අඟහරුවාදා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.

විෂය භාර අමාත්‍යවරයාට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාරවරයාට ලිපියක් යොමු කරමින් ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය සදහන් කරන්නේ නිසි වේලාවට බොරතෙල් ආනයනය කර පිරිපහදු ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි වූ නිලධාරීන් ඇතුළු වගකිව යුත්තන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. බොරතෙල් නොමැතිවීමත් සමඟ පිරිපහදුව වසා දැමීම හේතුවෙන් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවයටද බලපෑමක් ඇති වී බව ඔවුන් තව දුරටත් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles