Wednesday, April 24, 2024

අද විරෝධතා පා ගමනට ජවිපෙ නෑ! සජිත් එයි….

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද ඊට එක්වීමට නියමිතය.

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ආණ්ඩුවට එරෙහිව සංවිධාන කරන විරෝධතා පාගමන හෙට මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතය.

කොටුව දුම්රිය පොළ දක්වා එය ගමන් ගැනීමට සැලසුම් කර තිබේ.

වෘත්තිය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එයට සහාය දෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන් පසුව විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ සහාය ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීමට වෘත්තිය සමිති නියෝජිතයන් සහ බහුජන සංවිධාන ඊයේ (01) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණි.

වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය ද හෙට පැවැත්වීමට නියමිත  
විරෝධතායට සිය සහභාගීත්වය අද තහවුරු කළේය.

මේ අතර ජනතා අරගලයේ ඉදිරි පියවරක් ලෙස ආණ්ඩුවට එරෙහිව අද කොළඹදී පැවැත්වෙන විරෝධතාව සංවිධාන කර ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය පවසනවා. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ රාජ්‍ය ආයතන විකිණීමේ න්‍යාය පත්‍රය, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාපටිපාටියට එරෙහිව එම ඒකාබද්ධ විරෝධතාව සංවිධාන කර ඇති බවයි.

කෙසේවෙතත් අරගලයේ ක්‍රියාකාරීව සිටි ‘ජන අරගලයේ පුරවැසියෝ’ සංවිධානය සහ ‘බ්ලැක් කැප්ස් ව්‍යාපාරය’ද හෙට පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විරෝධතාවයට සිය විරෝධය පළ කර ඇත.

අද දින කොළඹ නගරයට පැමිණෙන ජනතාව මාර්ග අවහිරතා ගැන අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය දන්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles