Friday, March 29, 2024

අද සිට දුරකථන හා අන්තර්ජාල ගාස්තු ඉහළට…

විදුලි සංදේශ බද්ද අද සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් සියයට 11.25 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 15 ක් දක්වා ඉහළ යන බවයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ යනු ඇති. 

සියයට 8 ක්ව පැවැති වැට් බද්ද, සියයට 12 ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු ද වැඩිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ. වැට් බද්ද සියයට 4 කින් වැඩිවීම අනුව දුරකථන සේවා ආයතන මගින් ලබාදෙන අන්තර්ජාල සේවා ගාස්තු ද ඉහළ නංවා තිබෙනවා. මීට අමතරව ජංගම දුරකථන මාසික පැකේජ ගාස්තු සහ චන්ද්‍රිකා රූපවාහිනී පැකේජ ගාස්තු ද අද සිට ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ පිළිබඳ දුරකථන සමාගම් සිය වෙබ් අඩවි වල ගාස්තු සංශෝධන සහිතව සියලු විස්තර පළ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles