Tuesday, April 23, 2024

අද (13) පාස්පෝට් කන්තෝරුව විවෘතයි!

අද (13) දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතරම විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ අද (13) පෙ:ව:7.30 සිට ප:ව:4.30 දක්වා සීමිත සේවා කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

  • කොන්සියුලර් කටයුතු අංශය – කොළඹ 0112 338 812 / 0112 338 843
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – යාපනය 0212 215 970
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මාතර 0412 226 697
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මහනුවර 0812 384 410
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – ත්‍රිකුණාමලය 0262 223 182
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – කුරුණෑගල 0372 225 941

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles