Saturday, April 20, 2024

අද 20-20 තරගය RPS හිදී! රාත්‍රී 7

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදියි. රාත්‍රී 07ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

දෙරට අතර මේ දක්වා විස්සයි විස්ස තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 12ක් ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 09ක් ජයගෙන තිබෙනවා. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පස්වන ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටින්නේ 09වන ස්ථානයේයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම තරගාවලිය සඳහා සිය කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවයි.

මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම රටේ අරමුදලට බැර කරනව බවත් ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.

ශ්‍රී ලංකා – 🇦🇺 ඕස්ට්‍රේලියා
පළමු T20 තරගය බලන, අහන හැටි

🏏 1st T20I Match
🗓️ June 07
⏰ 07.00 P.M.

R.Premadasa Stadium, Colombo

Live & Exclusively On,

📺 Dialog TV
✔ Sony Six – Ch no.76, 135(HD)
✔ Ten Cricket – Ch no.69

📺 PEO TV
✔ Sony Six – Ch no.37, 318(HD)
✔ Ten Cricket – Ch no.44, 317(HD)

📺 Freesat
✔ Channel EYE – Ch no.04

📺 UHF/VHF – “Channel EYE”
✔ රාජගිරිය – UHF 39
✔ පිදුරුතලාගල – VHF 7
✔ දෙනියාය – UHF 39
✔ ගොන්ගල – UHF 46
✔ හන්තාන – UHF 30
✔ සූරියකන්ද – UHF 52
✔ නමුණුකුල – UHF 52
✔ මඩොල්සිම – UHF 57
✔ කොකාවිල් – VHF 8 & 35
✔ යාපනය – UHF 33
✔ කිලිනොච්චි – UHF 35
✔ පලාලි – UHF 23

📻 Radio – “SLBC Sports Service”
✔ කොළඹ – 107.3 MHz
✔ යටියන්තොට – 107.5 MHz
✔ හුන්නස්ගිරිය – 97.4 MHz
✔ කරගහතැන්න – 97.4 MHz
✔ දෙනියාය – 104.7 MHz
✔ හපුතලේ – 90.1 MHz
✔ රදැල්ල – 102.1 MHz
✔ කොකාවිල් – 89.8 MHz

🖥️ Youtube LIVE – “Sri Lanka Cricket” Channel

📱Dialog ViU App

📱PEO TV GO App

📱Sony Liv App

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles