Wednesday, April 17, 2024

අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දෙයි

“අධිභාර බද්ද” නමැති පනත් කෙටුම්පත සම්බන්ධව ඉදිරිපත්වූ පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 

මේ අනුව “අධිභාර බද්ද” නමැති පනත් කෙටුම්පත හෝ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ 13 ව්‍යවස්ථාව සමඟ අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා නිවෙිදනය කර සිටියේය.

මෙම තත්ත්වයන් තුළ එකී “අධිභාර බද්ද” නමැති පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයකින් වලංගු ලෙස සම්මත කරනු ලැබිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles