Friday, March 29, 2024

අපිට සද්දෙ දාන්න එපා… පාර්සල් වලට කුඩු දානවා..- නිර්මාණ කාගෝ

ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර භාණ්ඩ හුවමාරුව සිදුකරන පෞද්ගලික ආයතනයක වංචා සහගත ක්‍රියාකලාපයක් පිළිබඳ විශ්වසනීය තොරතුරක් අපට වාර්තා වෙනවා.

අපට වාර්තා වන ආකාරයට ඩුබායි රටෙන් ලබාගන්නා භාණ්ඩ ඔවුන් විසින් Air Cargo සඳහා ගාස්තු අයකරගනිමින් ලබාගන්නා අතර ඒවා ඔවුන් බොහෝ සෙයින් ප්‍රමාදව යවනු ලබන්නේ Sea Cargo හරහාය. ඇතැම් පාරිභෝගිකයන්ගේ බඩු මේ වනතෙක් ලැබී නැති අතර ඒ පිළිබඳ විමසීමේ එම ආයතනය දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයකි.

”මේ දන්නවනේ මෙහේ නීති. ඒකි නිසා කට පියාගෙන ඉන්න. අපිත් ඔය ආණ්ඩුවල අය අඳුරනවා. වැඩිය සද්ද දාගෙන ආවොත් පැකේජ් එකට කුඩු ටිකක් දාලා අපි ටිප් එක දෙන එක විතරයි කරන්නේ…”

පාරිභෝගික සේවා ගැන ශ්‍රී ලංකාවේ ආයතනයේ ප්‍රතිචාරය මෙබඳුය. විදෙස්ගතවන අහිංසක මිනිසුන්ගේ මුදල් සහ භාණ්ඩ මොවුන් කෙතරම් අවභාවිත කරනවා ඇතිද?

මේ පාරිභෝගිකයා දීර්ඝ සොයාබැලීමකින් අනතුරුව අනාවරණය කරගත් තොරතුරු රැසක් පාරිභෝගික සේවා අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අදහස් කරමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.

මෙවැනි කූට ජාවාරම් කාරයන්ට විරුද්ධවද අරගල කිරීමේ අයිතිය ජනතාව සතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles