Saturday, April 20, 2024

අපේක්ෂිත ආයු කාලය අඩුවී ඇතැයි යන ප්‍රකාශය අසත්‍යයි

ශ්‍රී ලංකවේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 95 මිට 45ට අඩු වී ඇතැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ ප්‍රකාශයක් අසත්‍ය බව සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.

මෑත ඉතිහාසයේ කිසි දිනෙක ලාංකේය පුරවැසියන්ගේ ආයු කාලය අවුරුදු 95ක් ව නොතිබුනු බවත් එය කවරාකාරයෙන් හෝ අවුරුදු 45ක් දක්වා අඩුවී නැතැයිද ඔහු සඳහන් කරයි. එමෙන්ම 2017 දී පිරිමි අවුරුදු 73ක් ලෙසත් ගැහැණු අවුරුදු 79ක් ලෙසත් සටහන් වූ අතර එය 2020 වර්ශයේදී පිරිමි අවුරුදු 74ක් ලෙසත් ගැහැණු අවුරුදු 81ක් ලෙසත් සටහන් වී ඇති බවත් මේ අනුව මෑත කාලයේදී පිරිමින්ගේ ආයු කාලය යම් ප්‍රමාණයකින් වැඩිවී ඇති බවද රවී කුමුදේශ් සිය නිවේදනයක් මගින් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles