Friday, March 29, 2024

අපේ ජන බල පක්ෂයෙන් කිසිඳු භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් නොකිරීමට තීරණයක් – හිස්වන මන්ත්‍රී ධූරය භික්ෂූන් නොවන අයෙකුට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සිය පක්ෂයෙන් කිසිදු භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් නොකිරීමට දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව ඊයේ (20දා) ඒකමතිකව තීරණය කළ බව අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා කීවේය.

බෙන්තර ගෝනගලපුර අපේ ජන බල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සමන් පෙරේරා මහතා එසේ කීවේය.

සිය පක්ෂයෙන් පාර්ලිමේන්තු ගිය අතුරලියේ රතන හිමියන්ගේ ක්‍රියා කලාපයත් මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමත් නිසා සිය පක්ෂය මේ තීරණයට අද එළඹි බවද සමන් පෙරේරා මහතා කීවේය.

අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සම්බන්ධයෙන්වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසුව වුවද යම් හෙයකින් හිස් වන මන්ත්‍රීධුරයද  ලබාදීම සිදු කෙරෙණුයේ භික්ෂූන් වහන්සේ නමකට නොවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පෙරේරා මහතා කීවේය.

එහිදී තව දුරටත් කතා කළ සමන් පෙරේරා මහතා මෙසේද කීවේය.

අපේ පක්ෂය දැන් හාමුදුරුවන් දෙදෙනෙකුගෙන්ම හොදට බැටකාපු පක්ෂයක්.ඒ වගේම ඒ දෙනමගෙන් පාඩම් ඉගෙනගත් පක්ෂයක්.ඒක නිසා අද පැවැත්වුනු දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කළා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු භික්ෂූන් වහන්සේ නමක් ඒ සදහා ඉදිරිපත් නොකිරීමට.

අපේ මේ තීරණයට තවත් එක් හේතුවක් වුණා මහ නායක හිමිවරුනුත් ඉල්ලීමක් කළා භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා. ඒ ඉල්ලීමත් අපි සලකා බලා තමයි මේ තීරණය ගත්තේ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles