Friday, April 19, 2024

අපේ රට ඇඳුම් ආනයනයට විශාල මුදලක් වැය කරනවා

ලෝකයටම ඇදුම් මහන අපේ රට වාර්ෂිකව නිමි ඇදුම් ආනයනයට විශාල මුදලක් වැය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ මුදල රටේ පේෂකර්මාන්තය නගා සිටුවන්න යෙදවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

රට තුළම රටට අවශ්‍ය රෙදි නිෂ්පාදනය කිරිමට අවශ්‍ය පියවර වහා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකළ පේෂකර්ම පුහුණු ගොඩනැගිල්ල විවෘත කර පුහුණු කටයුතු ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ඉදිරි අයවැයෙන් පේෂකර්මාන්තය නගා සිටුවීම සදහා විශාල මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles