Friday, April 19, 2024

අභිනව අමරපුර මහා නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහොත්සවය අද (14) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

ජනාධිපතිතුමා මහ නාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර අගමැතිතුමා උන්වහන්සේට විජිනි පත පිළිගැන්වීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන, ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු (U Han Thu), අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති අජිත ද සොයිසා සහ නියෝජ්‍ය සභාපති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු නාහිමියන්ට පිරිකර පූජා කළහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර නිකායේ සංශෝධිත විහාරස්ථාන නාමාවලිය දායක සභාවේ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් නාහිමියන්ට පිළිගැන්විනි.

මහනායක, අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, නිකාය දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles