Thursday, April 18, 2024

අම්මි ඉස්සර නම් ටීවී එකේ හිටියා දැන් නැහැනේ කියලා එයා ටීවී එක ඕෆ් කළා

ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න රටේම ආදරය දිනාගත් නිහතමානී ගායන ශිල්පිනියක් තමයි අභිෂේකා විමරවීර කියලා කියන්නේ. ඇය ගායනයෙන් මෙන්ම සුන්දර රූපය අතිනුත් රසික හදවත් තුළ ගොඩාක් ජනප්‍රියයි. කොහොම නමුත් අභිෂේකා කියල කියන්නේ අපට නිරන්තරයෙන් කලා ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබෙන චරිතයක් නොවෙයි. ඊට හේතුව වනුයේ ඇය මුලික වශයෙන් ගායන ක්ෂේත්‍රය තුළ නියැලී නොසිට වැඩිපුරම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටීමයි.

කොහොමහරි ඉතින් මේ නිහතමානී චරිතය කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි කථිකාචාර්යවරියක් විදිහටත් වැඩ කරනවා කියලයි අපට දැනගන්නට ලැබුණේ. ඒ වගේම ඇය ලේඛිකාවක් විදියටත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒ පිලිබඳ ඇයනම් කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

”ඔව් මම ලේඛිකාවක විදියටත් දැන් ජනප්‍රියයි. පසුගිය කාලයේ එළිදැක්වූ ගීතය එක්ක මගේ කාව්‍ය සංග්‍රහයත් එළියට ආවා. ඒකෙ නමත් ‘මතක’ ඒ පොතේ තියෙන ගීතය තමයි මම ‘මතක’ නමින් ගායනා කරන්නේ. ඊට කලින් වතාවක මම ‘කර්මජ’ කියලා නවල් එකක් ලිව්වා. 2020 ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේදී ඒ පොත හොඳම පොත් පහ අතරටත් ආවා.” කියලයි.

ඒ කොහොම උනත් ඇයව කාලයක් අපට ක්ෂේත්‍රය තුළ දැකගන්නට නොලැබුණු අතර ඇය නැවතත් කලාවට පිවිස තිබෙනවා. ඉතින් ඊට හේතුව හැටියට ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි

” කාලයක් මම කලාවෙන් තරමක් ඈත්වෙලා හිටියා. හැබැයි මම ආයේ කලාවට තල්ලු වුනා එයට ප්‍රධානම හේතුව තමයි මගේ බබා. දවසක් මමයි මගේ දුවයි ටීවී බලද්දී එයා එකපාරටම කිවුවා අම්මි ඉස්සරනම් ටීවී එකේ හිටියා. ඒත් දැන් නැහැනේ කියල එයා ටීවී එක ඔෆ් කළා. ඉතින් ඒ වෙලාවේ මම තේරුම් ගත්තා මම කලාවේ සිටීම එයාට ලොකු ආඩම්බරයක් කියලා” කියලයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles