Friday, April 19, 2024

අය-වැය යෝජනා සියල්ල මෙතනින්… (FINAL UPDATE)

2023 වසර සඳහා යෝජිත අය-වැය ප්‍රකාශය ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහි අයවැය යෝජනා පහතින්…

බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා

බදු ප්‍රතිපත්තිය අඩු ලිහී නිකම් නිවැරදි කරමින් ආදායම් බදු හා එකතු කළ එය මත බදු ප්‍රතිසංස්කරණ මගින් 2023 වසරින් ඔබ්බට ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වෙනවා.

සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.

පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරනවා.පෙනුමෙන් රක්ෂණ අරමුදල ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.

පෞද්ගලික දත්ත සැකසුම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.

බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක්. ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතුයි.

රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා ඒ නිසා වත්මන් යුතු වලට ගැලපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා.

ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා පිහිටුවීමට ආයතනයක් පිහිටුවනවා ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරනවා. ලංකා ඉතිහාසය අමතක කිරීම බොහෝ ප්‍රශ්නයක් වී තිබෙනවා බොහෝ දෙනෙක් ඉතිහාසය දන්නේ නැහැ.

ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ ද අලුතින් වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.

උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරනවා. විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75ක් සඳහා විෂය විදේශ විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙනවා.

සම්පූර්ණ අය-වැය යෝජනා මෙතනින් කියවන්න



Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles