Wednesday, April 24, 2024

අරගලකරුවන්ට තවත් ජයක්!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාව දක්වමින් සිටි තරුණ තරුණියන් 13 දෙනෙකු ඉතාම අමානුෂික හා නින්දිත ආකාරයෙන් පොලීසිය විසින් පැහැරගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කිරීමට අද සවස කටයුතු යොදා තිබිණි.

එහිදී,

පාර්ලිමේන්තුව අසල සාමකාමී විරෝධතාවයේ නිරතව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 දෙනා ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අදාළ පිරිස වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් ඇතුළු නීතීඥයින් 150 ක් පෙනී සිටි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න සඳහන් කළේ, පොලීසිය විසින් සිය බී වාර්තාව මඟින් කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පනත යටතේ මෙම විරෝධතාකරුවන් වරදක් සිදු කර ඇති බවට තර්ක ඉදිරිපත් කළ බවයි.

කෙසේ නමුත් අදාළ විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණයේදී සඳහන් කර ඇත්තේ එසේ වරප්‍රසාද පනත යටතේ වරදක් සිදු කර ඇත්නම් ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරයක් ඇති බවත් එයට පොලීසියට මැදිහත්විමට නොහැකි බවයි.

මේ අතර මෙම විරෝධතාව පැවති ස්ථානය තලංගම පොලීසියට අයත් වුවත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව පොලීසියේ ස්ථානාධිපතිවරයා බවත් පසුව ඔවුන් මහරගම පොලීසියට රැගෙන ගොස් ඇත් බවද ජනාධිපති නීතීඥවරයා සඳහන් කළා.

පසුව මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා අදාළ පිරිස පොලිස් ඇප මත නිදහස් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යම් ප්‍රභල පුද්ගලයෙකුගේ බලපෑමක් මත නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ ඔහුගේ බලපෑම මත මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අධිකරණයේදී අනාවරණය වූ බවයි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles