Friday, March 29, 2024

අරගලයෙන් තවත් මිලියන ගණනක පාඩුවක්…

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් මාදිවෙල කුරුලු උයන සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අක්කර 38 ක භූමිය ජනාධිපති මන්දිරය ඉදිකිරීමට අවධානය යොමු වී ඇත.

තලංගම  පිහිටි ජාතික සඳුන් උයන පිහිටි ඉඩම පහළවෙළ ග්‍රාම සේවා වසමට අයත් වන අතර මිරිහාන ප්‍රදේශයට අයත් කුරුලු උයන ඉදිකිරීමට යෝජිත භූමිය මිරිහාන උතුර, මාදිවෙල, ප්‍රගතිපුර, හා උඩහමුල්ල ග්‍රාම සේවා වසම්වලට අයත්ය.

ජාතික සඳුන් උයන ව්‍යාපෘතිය 2021 වසරේ ජූලි මස ආරම්භ කළේ සඳුන් පැළ 1000 ක් රෝපණය කරමිනි. ඒ සඳහා ජනතා මුදල් රුපියල් කෝටි ගණනාවක වැය කෙරිණි.

ඉකුත් අරගල සමයේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අරගලකරුවන් අත්පත් කරගෙන සිටියදී එහි වැදගත් බොහෝ ආරක්ෂක ස්ථානවල ඡායාරූප වීඩියෝ දර්ශන ජංගම දුරකථන සහ විවිධ තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ විවිධ පුද්ගලයන් අතට පත්වීම මෙන්ම ජාත්‍යන්තරය වෙත ද නිරාවරණය වීය. එය රටේ ආරක්ෂවටද ප්‍රබල තර්ජනයකි.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රජයේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ අවධානය යොමු කර ඇතැයි ද දැනගන්නට ඇත.
(ලංකාදීප)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles