Saturday, April 20, 2024

අහස සිඹින්න අද ඉඳන් එන්න…!

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද(15) සිට ජනතාවට විවෘත වෙයි.

ඒ , නෙළුම් කුළුණ විවෘත කිරීමේ පළමු අදියර ලෙසයි.

දෙවන අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වන අදියර ලබන වසරේ මාර්තු මාසය වනවිටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සැලසුම් කර තිබේ.

වර්ග මීටර් 30,600 ක් වූ වපසරියක ඉදිකර ඇති නෙළුම් කුළුණේ උස මීටර් 350 කි.

කුළුණේ පාදම කොටස මහල් තුනකින් සමන්විත අතර එම කොටසේ ඩිජිටල් සිනමා ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බැංකු හා ව්‍යාපාර ආයතන සදහා කාර්යාල පහසුකම් සපයා තිබේ. 

තුන්වන මහලේ පිහිටි එළිමහන් පරිශ්‍රය වෙන් කර ඇත්තේ, විවිධ අංග සඳහා ය.

කුළුණේ පොහොට්ටුව සහිත කොටස මහල් 7 කින් සමන්විත අතර ගුවන් විදුලි කටයුතු හා රූපවාහිනි කටයුතු සඳහා එහි පළමු හා දෙවැනි මහල් වෙන්කර තිබේ.

තුන්වන හා හතරවන මහල් උත්සව ශාලා දෙකකින් සමන්විත අතර කැරකෙන අවන්හල පිහිටා ඇත්තේ පස්වන මහළේ ය.

6 වන මහලේ සුඛෝපභෝගී කාමර 6 ක් ඉදිකර ඇති අතර හත්වන මහල වෙන් වන්නේ , නැරඹුම් පරිශ්‍රය සඳහායි.

ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30 ක් මේ කොටසේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර එහි සිට සීගිරිය, ශ්‍රී පාදස්ථානය, නකල්ස් කඳුවැටිය ඇතුළු ස්ථාන රැසක් නැරඹිය හැකි ය.

මේ අතර, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ කොළඹ නෙළුම් කුළුණ පරිශයේ නීරික්ෂණ චාරිකාවක නිරත විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles