Friday, April 19, 2024

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේ දී කිසිවෙකුත් කතා නොකරපු දේ

පසුගිය 24 වැනිදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණා.

මෙහිදී ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා විසින්ද අදහස් පළ කර තිබුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහිදී මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ ප්‍රශ්න ආණ්ඩුව ඇතුළෙම විසඳා ගන්නා ලෙසයි.

“මගේ තනි තීන්දුවක් නෙමෙයි” – ජනපති

කාබනික පොහොර වගාව තමන්ගේ තනි තීන්දුවක් නොවන බවත් සෞභාග්‍යයේ දැක්මේ සඳහන් ප්‍රතිපත්තියක් බවත් ජනාධිපතිවරයා විසින් මෙම හමුවේදී පවසා තිබෙනවා.

එය හැටනව ලක්ෂයක් අනුමත කර ඇති බවත් කාබනික පොහොර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නද එය ක්‍රියාත්මක නොවූ බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබුණා.

ඒ හේතුවෙන් රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර යොදා වගා කටයුතු කිරීමට තීරණය කළ බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදීද නිලධාරීන්ගේ කැපවීම ප්‍රමාණවත් නොවන බව පැවැසූ ජනාධිපතිවරයා සියලුදෙනා එකතුව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවද ජනාධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන්ට පවසා තිබෙනවා.

“මම තනිවම සටන් කළා” – තිස්ස කුට්ටආරච්චි

කාබනික පොහාර හා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නවලදී විපක්ෂයට එරෙහිව තමන් තනිව සටන් කළ බව මන්ත්‍රීවරයෙකු විසින් මෙම රැස්වීමේදී පවසා තිබුණා.

එසේ කියා තිබුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතායි.

දේශපාලනය කිරීමේදී ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා එහිදී පවසා තිබුණේ.

ඇතැම් මන්ත්‍රීවරුන් කාබනික පොහොර ව්‍යාපෘතිය පිළිබඳව පිටතදී විවේචන එල්ල කිරීම නුසුදුසු බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

උතුරෙන් ආණ්ඩුවට ස්තූතිය

කාබනික ගොවිතැන ආරම්භ කිරීම පිළිබඳව උතුරේ ගොවීන් ආණ්ඩුවට ස්තූතිය පුද කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන් මහතා මෙම රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

ගොවීන් කාබනික පොහොර භාවිත කරමින් ගොවිතැන් කරමින් සිටින අවස්ථාවක දකුණේ ගොවීන් විරෝධතා පැවැත්වීම පුදුමයට කරුණක් බවත් මන්ත්‍රීවරයා එහිදී මන්ත්‍රී රැස්වීමේදී පවසා තිබුණා.

මේ අතර පසුගිය සමය තුළ දැඩි කතාබහකට ලක්වූ යුගදනවි විදුලිබලාගාරයේ කොටස් අමෙරිකාවට ලබාදීම සම්බන්ධව ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කිසිවෙකුත් කතා නොකළ බවටයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles