Friday, March 29, 2024

ආදර්ශා කරඳන අත්අඩංගුවට ගනී!

මහචාර්ය ආශූ මාරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 10 කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීම සදහා අසභ්‍ය වීඩියෝ පටයක් ප‍්‍රචාරක කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගේ පෙම්වතිය බව කියන කරදන ගමරාළලාගේ වගීසා ආදර්ෂා නැමැත්ති පරිගණය අපරාධ කොට්ඨාසය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම ඇය පරිඝනය අපරාධ කොට්ඨාසට හමුවට අද දහවල් 12 ට පමණ පැමිණ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පැය 5 ට අධික කාලයක් ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව පස්වරු 5.00 ට පමණ ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

තමා සම්බන්ධයෙන් ඇති බව කියන වීඩියෝ පට ප‍්‍රසිද්ධියට පත් කරන බවත්, එසේ නොකරන්නට නම් රුපියල් කෝටි 10 ක කප්පම් මුදලක් අවශ්‍ය බවට මහචාර්ය ආශූ මාරසිංහ මහතා ඉකුත් දෙසැම්බර් මස 12 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles