Thursday, April 25, 2024

ආර්ථික අර්බුදයෙන් මිදීමට රනිල් IMF එකට යන්න කියද්දී වාසු බෑ කියයි

අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියා.

ආණ්ඩුව විනාශ වුණත් ජාත්‍යන්තර අරමුදලට මුදල් ලබා ගැනීමට නොයන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකාව මුහුණ දි ඇති අස්ථාවර තත්ත්වයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඒ අයවැය විවාදයට එක්වෙමින්.

එහිදී ඇතිවූ සංවාදය පහතින්

“මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා – කියන්නේ මේකේ ස්ථාවර භාවය ඇති කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) එකට ගිහින් කථා කරන්න. මම හිතන්නේ නෑ රැකියා ඉවත් කරන්න කියලා කොන්දේසි දායි කියලා. අපි හැම එක්කෙනාම නැති වෙන්නේ. බැංකුවේ තියෙන මුදල් වල වටිනාකම නැති වෙනවා. ඊට පස්සේ ගෙදර යන්න බැරිවෙනවා.

මේක විසඳගන්න අනිත් රටවල් එක්ක කතා කරන්න. චීනය, ඉන්දියාව හා අමෙරිකාව එක්ක කථා කරන්න. ඒ අයගේ ආධාර ගන්න.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන – හිටපු අගමැතිතුමා මේ තියෙන දුෂ්කර තත්ත්වයත් එක්ක ජාත්‍යන්තර අරමුදලට ගියොත් ඔබතුමා හොඳටම දන්නවා ඒ අය විසින් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරනවා. ඒ කොන්දේසි මාලාවේ ඇතිවන ප්‍රතිපත්තිමය තත්ත්වයන්ට ඔබතුමාලා එකඟ වෙන්නේ කොහොමද?

මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා – මම කියන්නේ ඒකයි. අයි.එම්.එෆ්. එකට යන්න. එතනට ගියාම කොන්දේසි තියෙයි. ඔය රැකියා ඉවත් කරන එක කරන්නේ නෑ. ඒත් යම්කිසි මූල්‍ය විනයක් ඇති කරන්න. ඒක උවමනායි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර – ඔබතුමා ඒකට ගියා. දැන් කීපාරක් ඒකට ගියාද? දැන් මහ බොරුවක් කිව්වා හර්ෂ මන්ත්‍රිතුමා එන්.එම්. පෙරේරා තමයි ඉස්සෙල්ලාම අයි.එම්.එෆ්. එකට ගියේ කියලා. අමූලික බොරුවක්. එන්.එම්. පෙරේරා සහෝදරයා තමයි ඇවිත් කිව්වේ. අයි.එම්.එෆ්. එක කියන දේ කළොත් අපි ඉවරයි. එන්.එම්. කිව්වා ඇවිල්ලා ඒ අය ඉල්ලන පළමු දේ තමයි අපේ රුපියලේ වටිනාකම අඩු කරන්න කියන එක.

ඒකට අපි එකඟවුණොත් එර්ක උණකාරයට වතුර දෙනවා වගේ වැඩක්. ඒ නිසි අපි අයි.එම්.එෆ්. එක ගැන කතාවට යන්න ඕන අන්තිමට හිරේ යනවා වගේ පමණි. හිරේ ගියාම කන්න දෙනවා. අයි.එම්.එෆ්. එකට ගියාම කන්න දෙන්නේ නෑ. අයි.එම්.එෆ්. එකට ගියාම උන් අපිව කනවා. මට කියන්න තියෙන්නේ අපිනම් මැරුණත් අයි.එම්.එෆ්. එකට යන්නේ නැ. ඒකයි කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුව විනාශ වුණත් අයි.එම්.එෆ්. එකට ගිහිල්ලා ජනතාව විනාශ වෙන්න ඉඩ දෙන එකට අපි ලෑස්ති නෑ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles