Friday, March 29, 2024

ඇඩ්ඩිං ආයේ කසාද බඳී! වයස 93ක්!

1969 වසරේ නාසා ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන්, වසර ගණනක් සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟ විවාහ විය.

ඕල්ඩ්‍රීන්ගේ විවාහය සිදුවූයේ ඔහුගේ 93 වැනි උපන් දිනය සමරද්දී වීම විශේෂත්වයකි.

උපන් දිනය දා ලොස් ඇන්ජලීස් නුවරදී විවාහ උත්සවය පැවැත්වූයේ ඉතා චාම් අයුරින් යැයි පැවැසෙයි.

ඕල්ඩ්‍රීන් මීට පෙර තෙවරක් විවාහ වී, තෙවරක් දික්කසාද වූ අයෙකි. පළමු වරට විවාහ වූයේ 1954 වසරේදීය.

එඩ්වින් ඕල්ඩ්‍රීන්, සඳට පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං සමඟය. ඔවුන් සමඟ ගිය මයිකල් කොලින්ස් සඳුගේ කක්ෂයේ මවු යානයේ රැඳී සිටියේය.

නීල් ආම්ස්ට්‍රෝං, පළඵමු මිනිසා වෙමින් සඳට පය තබා මිනිත්තු 19 කට පසු එඩ්වින් ඕල්ඩ්‍රීන්, සඳට පය තැබුවේ.

ඇපලෝ 11 මෛහයුමට සම්බන්ධ වී ජීවතුන් අතර සිටින එකම තැනැත්තා එඩ්වින් ඕල්ඩ්‍රීන් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles