Friday, April 19, 2024

ඇමති ජොන්ස්ටන් රාජගිරියේ නව පාලමක් ඉදිකරයි

රාජගිරිය -මාදින්නාගොඩ මාර්ගයේ කොළොන්නාව ඇල හරහා වසර ගණනාවක් තිස්සේ අබලන්ව පැවති මාදින්නාගොඩ පැරණි පාලම වෙනුවට රුපියල් ලක්ෂ 4300 ක් ( කෝටි 43 ) ක වියදමින් මංතීරු 2 කින් යුක්තව මීටර් 80 ක දිගින් නව පාලමක් ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කිරිම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 27-10-2021 වන ඊයේ දින සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ යන මහත්වරුන් සහභාගී විය.

අබලන්ව පැවති මෙම පාලම කොළොන්නාව සහ කෝට්ටේ ආසන සම්බන්ධ කරන පාලමයි. මෙම පාලම තනි මංතීරුවකට සකස් කර තිබූ අතර එහි දිනකට වාහන 15,000 ක් පමණ මෙම මාර්ගයේ ගමන් කරන නිසා දැඩි වාහන තදබදයකින් යුක්ත විය. මෙම තදබදය හේතුවෙන් රාජගිරිය හරහා කොළඹට පැමිණෙන ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබිණි. මෙම පාලම ඉදිකිරීම දේශීය අරමුදල් මඟින් සිදු කරන අතර කොන්ත්‍රාත් කාලය මාස 18 කි. නමුත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම කොන්ත්‍රාත් කාලය මාස 12 දක්වා අඩු කරන ලෙසට ඉල්ලීමක් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles