Tuesday, April 23, 2024

ඇමරිකාව දැන් පාලනය කරන්නෙ කමලා හැරිස්

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කෙරෙන බැවින් උප ජනාධිපති කමලා හැරිස් වෙත තාවකාලිකව ජනාධිපති ධුරයේ බලතල පවරා දී ඇති බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපති කමලා හැරිස් වෙත පැවරීමට කටයුතු කර තිබේ.ඒ ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වීම හේතුවෙනි.ඒ අනුව අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්, එලෙස තාවකාලිකව බලය පැවරෙන පළමු කාන්තාව බවට පත් වනු ඇති.හැරිස් මහත්මියට අමෙරිකාවේ යුද සහ න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ බලතල හිමි වීම ද විශේෂත්වයකි.

මේ සියලුම බලතල යටතට අමෙරිකාවේ යුද සහ න්‍යෂ්ටික අවි පාලනය දඅයත් වෙනව.
මෙලෙස ඇමරිකානු ජනපතිවරයෙකුගේ බලතල තාවකාලිකව හෝ ලබාගත් පළමු කාන්තාව කමලා හැරිස්ය.

(20) දිනයේ 79 වන උපන්දින සමරන ජෝ බයිඩ්න් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වන පළමු අවස්ථාව මෙයයි.මේ අතර ධවල මන්දිර ප්‍රකාශිකාව උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, උප ජනාධිපතිනිය මෙම කාලය තුළ ඇයගේ කාර්යාලයේ සිට ම සේවය කරනු ඇති බවයි.කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් යටතේ තාවකාලික බලතල පැවරීම එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දක්වා ඇති ක්‍රියාවලියේ කොටසක් බව ද ධවල මන්දිර ප්‍රකාශිකාව වැඩිදුරටත් පවසා තිබේ.

57 හැවිරිදි හැරිස් මහත්මිය අමෙරිකාවේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ පළමු කාන්තාව මෙන්ම කළු ජාතික සහ ආසියානු – අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාව ද වන්නී ය.

ඒ අනුව කමලා හැරිස් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයේ බලතල හොබවන පළමු කාන්තාව බවට පත් වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles