Saturday, April 20, 2024

ඉතින් හදමු අපි අලුත් රටක්… අලුත්ම නීති ගොඩක්!

රට යළි ගොඩනැගීම සඳහා අලුත් නීති රැසක් ගෙනඒමට කටයුතු කරමින් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුමට අද (06) එක්වෙමිනි.

“අමාරුම කාලයේ සියලුදෙනාම එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තිබ්බා.”

“අද ජනතාව පීඩනයෙන් ඉන්නේ. තුන්වේලක් කන්න නැතුව ඉන්නවා. අපි සියලුදෙනාම යළිත් මේ රට ගොඩගන්නවා කියලා මම බය නැතුව ප්‍රකාශ කරනවා.”

“මේ රටේ තරුණ තරුණියන් වත්මන් දේශපාලනය පිළිකුල් කරනවා. විපක්ෂය විවේචනයට සීමාවෙලා. නවීන දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා.” 

“මේ කාලසීමාව තුළදී ආණ්ඩුවක් හැටියට 22 අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සම්මත කරගන්නවා. අපි එතනින් අවසන් වෙන්නේ නැහැ. මම හිතන්නේ ව්‍යවස්ථාවේ තවත් සංශෝධනය කරන්න තියෙනවා කියලා.” 

“විශේෂ ජනාධිපති කොමිසම ඉවත් කරන්න තිබෙනවා. ව්‍යවස්ථාවට පටහැනි නීති සම්මත කරන බලය ඉවත්කරන්න.”

“ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න තවත් කාරණා කිහිපයක් තිබෙනවා. අපි ව්‍යවස්ථාව ඒ අනුවත් සංශෝධනය කළ යුතුයි.” 

“අපි අධීක්ෂණ කොමිටි ආරම්භ කරලා තිබෙනවා. ආණ්ඩුපක්ෂයෙත් විපක්ෂයෙත් මන්ත්‍රීවරු සභාපතිකම් ලබාගන්න, උප කොමිටිවල සභාපතිකම් ලබාගන්න, ඒ මන්ත්‍රීවරයින්ට වගකීම් දෙන්න තිබෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න. පක්ෂ නායකයින් ඒ පිළිබඳව කථානයකවරයා සමග සාකච්ඡා කරනවා.”

“ජාතික සභාව..පක්ෂ නායකයින්ගෙන් යුත් මණ්ඩලයක් එකතු වෙලා අවම වැඩසටහන ගැන එකඟත්වයකට එන්න අපි කටයුතු කරනවා.”

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් නීතියක් ගේනවා. සත්‍ය කොමිසමක් ඇති කරනවා. ස්ත්‍රී පුරුෂ සමාජ බාවය පිළිබඳ පනතක්, රජයේ තට්ටු නිවාස ලබාදෙන්න තව නීතියක්, ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙන්න නීතියක්, යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරනවා. මේ ඔක්කොම ගෙන්නේ රට ශක්තිමත් කරන්න.”

“ජනසභා යෝජනාව මේ සියල්ලටම වඩා වැදගත්. සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ජනසභාවක් ඇති කරනවා.”

“දේශපාලනයෙන් තොරව ජනසභාවක් මාර්ගයෙන් අදහස් ලබා ගන්නවා තමන්ගේ ගම දියුණු කරන්නේ කොහොමද කියලා.” 

“රටේ ප්‍රධාන කටයුතු දේශපාලනයෙන් තොරව කරන්න අපි සූදානම්.”

“මට මගේ සීයලා ආච්චිලා පුරුදු කරලා තියෙන්නේ ණය ගත්තොත් ණය ආපසු ගෙවලා දාන්න.”

සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීය.

සංවත්සර සැමරුම සඳහා සෙසු පක්ෂ නායකයින්ට ද ආරාධනා කර තිබූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඇතුළු පිරිසක් ඊට එක්වී තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles