Saturday, April 20, 2024

ඉතිහාසයේ පළමු වරට ජාතික රූපවාහිනිය සහ ලේක්හවුස් ආයතන බංකොලොත්භාවයට පත්වේ.

ආයතනයක සිටිය යුතු සේවක සංඛ්‍යාවකට වඩා සේවයේ යෙදී සිටින්නන් බහුල ජාතික රූපවාහිනිය සහ ලේක්හවුස් ආයතන දැඩි මූල්‍ය අර්බුදයකින් ගිලී ඇති බව වාර්තා වේ.

ජාතික රූපවාහිනිය යනු දේශයේ ජාතික නාලිකාව වන අතර එයට අන්‍යන්‍යවූ පරිසරයක් පසුගිය වසර 40 තුළ ගොඩනැගී තිබුණි. ආණ්ඩු කෙතරම් මාරු වුවත් ජනතාව ජාතික රූපවාහිනිය ප්‍රතික්ෂේප කරේ නැත. වර්තමාන ආණ්ඩුවට එම ආයතනය ගොඩ නැගීමට තරම් දක්ෂ සභාපතිවරයෙකු සොයාගැනීමට උගහටය. එසේ හෙයින් වැඩබැරිදාසලා තිදෙනෙක් පමණ පසුගිය කාලය තුළ අදාළ තනතුරේ රාජකාරී කර ඇත.

අද අපට වාර්තා වූයේ එම ආයතනය විසින් නිෂ්පාදනය කරන වැඩසටහන් විශාල ප්‍රමාණයක් නවතා ඇති බවය. ඡායාරූප බලන්න

එමෙන්ම දේශපාලන තිඹිරිගෙයක් බඳුවූ ලේක්හවුස් ආයතනය විනාශයට පත්වෙමින් තිබෙනබව අපට වාර්තා වේ. පොදුජන පෙරමුණේ අසමත් හෙංචයියන්ගේ ක්‍රියාකලාපය නිසා ලේක්හවුසිය මෙම මූල්‍ය අර්බුදයට පත්ව ඇති අතර, නිර්මාණශීලී මාධ්‍යවේදීන් හිඟවීම නිසා පුවත්පත් අලෙවිය ඉලක්කම් හතරකින් සිදුවන බව වාර්තා වේ.

පසුගිය කාලයේ එහි සිටි මාධ්‍යවේදියෙක් වන මංජුල සමරසේකර මහතා අත්තනෝමතිකව සේවයෙන් පහ කිරීමට එම ආයතනය කටයුතු යොදා තිබුණි.

ඉහළ සංසරණයක් පැවැති ඉංගිරිසි ඕබසර්වර් පුවත්පතේ අලෙවියද පහළ වැටී ඇත. මීට එහි පරිපාලනය මුළුමනින්ම වගකිව යුතු බව සේවකයෝ පෙන්වා දෙති. (ඡායාරූප බලන්න)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles