Wednesday, April 24, 2024

ඉන්දියාවෙන් ණය ගන්න මෙරට ඉන්ධන ඒකාධිකාරය පාවා දෙයි

ඉන්දිය රජයෙන් අඩු පොළියට ණය ලබාදීමේදී මෙරට ඛනිජ තෙල් වෙළඳපොළ ඒකාධිකාරය ඉන්දියාවට හිමිවන ලෙස කොන්දේසිවලට එකඟ විය යුතු බවට ඉන්දිය පාර්ශ්වයෙන් කොන්දේසි ඉදිරිපත් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ වනවිට ආණ්ඩුව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය ණය ලාදීම චීනය හා ඉන්දියාව විසින් වරින්වර සිදුකරමින් සිටින අතර ඇතැම් ණය සඳහා එක් එක් රටවල් විසින් ඉදිරිපත් කරන කොන්දේසි මෙරට ආර්ථිකය ස්ථාවරව හා ස්වාධීනව ලබා ගැනීමේ අරමුණුවලට පටහැනි ලෙස කොන්දේසි සහිත ණය බව අනාවරණය වී ඇත.

මේ වන විට ආණ්ඩුව විසින් ඛනිජ තෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් හිඟයකට මුහුන දී ඇත. බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීමෙන් ගිය සතියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දමනු ලැබූ අතර ,එය යළි විවෘත කෙරෙන දිනයක්ද තවමත් ප්‍රකාශයට පත් වී නොමැත .

පසුගිය 15 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී බලශක්ති ඇමති උදය ගම්මන්පිල පෙන්වා දී ඇත්තේ, ඉන්ධන ආනයනය සඳහා මසකට අවශ්‍ය වන ඩොලර් මිලියන 350 ක මුදල සොයාගැනීම බරපතළ අර්බුදයක් වී තිබෙන බවය.

කෙසේවෙතත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානි ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා හෝ මුදල් ඇමති ඇතුළු කිසිදු සාමාජිකයකුට මේ සම්බන්ධ විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් සහ පවතින හදිසි අවශ්‍යතා සැලකිල්ලට ගැනීමෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් කෝටි 50 ක හදිසි ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට තීරණය කර ඇතැයි අපගේ ආරංචි මාර්ග පවසයි. එහිදී ණය ලබාදීමට සූදානම් බව ඉන්දිය පාර්ශ්වයෙන් පවසා ඇත. නමුත් අදාළ ණය ගිවිසගැනීම් ඉදිරියට ගෙන යාම සඳහා ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත තෙල් ටැංකි සංකීර්ණයේ මුලු අයිතිය ඉන්දිය ලේ සමාගමට පැවරීමේ එකඟතාවක් ඇතිකර ගැනීම අවශ්‍ය බවට ඉන්දිය තානාපති කාර්යාලය හරහා යෝජනා ඉදිරිපත්ව තිබේ.

මේ වනවිට ඉන්දිය සමාගම සතුව ඇති තෙල් ටැංකි 16කින් සියල්ලම භාවිතයට ගෙන නැති අතර ඉතිරි තෙල් ටැංකි තෙල් ගබඩා කිරීම සඳහා සූදානම් කිරීමට විශාල වියදමක් අවශ්‍ය වේ. මේ තත්වය තුළ ඉන්දිය තෙල් සමාගමට ආයෝජන ගිවිසුමක් හරහා මෙම තෙල් ටැංකි පද්ධතිය පැවරීමට යෝජනා ඉදිරිපත් වී තිබිණි. නමුත් එවැනි පියවරකින් දේශීය ඉන්ධන ඒකාධිකාරය ඉන්දිය තෙල් සමාගමට හිමිවීම සම්බන්ධව ඛනිජ තෙල් සංස්ථා සේවකයන්, වෘත්තිය සමිති, වාමාංශිකයන් ඇතුළු ජනතා බලවේගවල විරෝධය ආණ්ඩුව වෙත යොමු විය.

චන්දන සිරිමල්වත්ත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles