Thursday, April 18, 2024

ඉන්දියාවෙන් වැඩිපුර බිත්තර ගෙන්වන බව වලිසුන්දර කියයි…

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය ඉහළ දැමීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ ඒ සදහා සොයා බැලීමට නිලධාරීන් තුන්දෙනෙකු මේ වන විටත් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බවයි.

දෛනිකව ඉන්දීය බිත්තර මිලියනයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙසේ ගෙන්වනු ලබන බිත්තර හෝටල්, ආපාණ ශාලා සහ බේකරි වෙත ලබාදීම නිසා ඒම ආහාර ද්‍රව්‍ය වල මිල මේ වන විටත් ඉහළ නොවී පවතින බවත් වාර්තා වෙනවා.

මෙම බිත්තර ඉතා අඩු මුදලකට සාමාන්‍ය ජනතාව වෙත ලබා දෙන්නේ නම් ඉතා වැදගත් බව පාරිභෝගික අදහසයි.

බිත්තර කිරා මිලයට ගැනීම එනම් කිලෝවක් රුපියල් 880/- මුදලට ගැනීමේදී බිත්තරයක මිල ආසන්න වශයෙන් රුපියල් 55/- ඉක්මවා යන බව පැවසෙනවා. නමුත් ඇතැම් වෙළෙඳසල් තවදුරටත් 44/-ක පාලන මිල යටතේ බිත්තර අලෙවි කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles