Tuesday, April 23, 2024

ඉන්දියාවේ මතභේදාත්මක ගොවි පනත් 3ක් අහෝසි කරයි

වසරට අධික කාලයක් ඉන්දියාවේ ගෝවීන් ගෙන ගිය අඛණ්ඩ සටනින් ජය ලබමින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හදුන්වා දුන් නව කෘෂි කාර්මික නීතී හකුලා ගැනීමට තීරණය කර ඇත.

උත්තර් ප්‍රදේශ සහ පන්ජාබ් හි පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉන්දීය අගමැතිවරයා විසින් මෙම තීරණය නිවේදනය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉන්දීය රජය විසින් ගෙනා මෙම නීති 03ට එරෙහිව පසුගිය වසර පුරා ඉන්දීය ගොවි ජනතාව එම දැඩි උද්ඝෝෂණ පැවැත් වූ අතර පන්ජාබ් ගොවින් විසින් එරට අගනුවර වට කරමින් පවත්වනු ලැබූ විරෝධතාවය ජාත්‍යන්තරයේ අවදානය ද දිනා ගනු ලැබුවා.

මෙලෙස තමන් රැගෙන ආ නීති 03 හකුලා ගැනීම ඉන්දීය රජයේ පසුබෑමක් ලෙස දේශපාලන විචාරකයින් සඳහන් කර සිටින්නේ.

අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් අද පෙරවරුවේ තම රජය ගෙන එන ලද නීති ඉවත් කරගැනීමට පියවර ගන්නා බවට නිවේදනය කළ අතර එළෑඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඊට අදාල පියවර ගන්නා බවටද පොරොන්දු වී තීබේ.

“මම අද ආවේ ඔබට, මුළු රටටම කියන්න, අපි තීරණය කළා කෘෂි නීති තුනම ඉල්ලා අස්කර ගැනීමට. මේ මාසයේ අවසානයේදී ඇරඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී නීති 03 අවලංගු කිරීමට අවශ්‍ය නෛතිමය කටයුතු සිදු කරනු ලබනවා” ඉන්දීය අගමැතිවරයා ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියා.

තමා සියළුම ඉන්දීය ගොවීන්ගෙන් සමාව අයදින බව ද මෙහිදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඉන්දීය රජය විසින් ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී එරට කෘෂි කාර්මි ක්ෂේත්‍රයට අදාල පාලනය කිරීම් ලිහිල් කිරීමට නව නීති තුනක් හදුන්වා දුන් අතර එමගින් ගොවීන් හට සිය නිෂ්පාදන සෘජුවම අලෙවි කරුවන්ට රජය විසින් පනවල ලද මිලි ගණන් වලට ඉහළ මිලකට විකිණීමට අවස්ථාව හිමිකරදීම අපේක්ෂා කෙරිණි.

කෙසේ වෙතත් මෙම නව නීති මගින් තමන්ට හිමිවන මිල පහත් යනු ඇති බවත් එමගින් පුද්ගලික අංශය කෘෂි කර්මාන්තයට ඇතුලු වීමට අවස්ථාව ලබාදීමෙන් තමන්ගේ ජීවිකාවට බලපෑමක් එල්ලවෙනු ඇතැයි පවසමින් ගොවීන් උද්ඝෝෂණ පැවැත්වීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ගොවීහූ නව දිල්ලි නගරයට ආසන්නයේ ඉකුත් නොවැම්බර් මාසයේ සිට කඳවුරු බැඳ විරෝධතා පැවැත්වීම ආරම්භ කළහ.

එහිදී ජනවාරි 26 වැනිදාට යෙදී තිබුණු ඉන්දීය ජනරජ දිනයේදී ගොවීන් පොලිස් බාදක බිදගෙන නව දිල්ලි නගරයට ඇතුලු වූ අතර එහිදී ඇති වූ ගැටුම් වලින් ගොවියෙකු ජීවිතක්ෂයටද පත්විය.

නව දිල්ලිය රත් කළ මෙම විරෝධතා පසුව ජාත්‍යන්තර අවදානය දිනා ගැනීමට සමත්වූ අතර සුපිරි ගායිකාවක් වන රියානා පවා මේ පිළිබඳ කතා කිරීමට එක් වීම ඉන්දීය රජයට විශාල අවාසි සහගත විය.

ඒ අනුව අග්‍රමාත්‍ය මෝදි සිය තීරණය නිවේදනය කිරීමත් සමඟ ගොවීහූ ප්‍රීති ඝෝෂා නගමින් රස කැවිලි අනුභව කරමින් සිය සටනේ ජය සැරමරූහ.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂඛයින් පවසන පරිදි මෙම තීරණය එළෑඹෙන මැතිවරණය අරමුණුකරගෙන සිදුවක් වන අතර එහිදී ගොවීන්ගේ සහය ලබා ගැනීමට මෙම තීරණය ඉන්දීය රජය විසින් ගනු ලැබ ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Ceylon Media Network

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles