Friday, March 29, 2024

ඉන්දියාව සහ චීනය අත දෙයි!

පාසල් සිසුන්ට ලබා දෙන දිවා ආහාර වේල වෙනුවෙන් වෙන් කරන දීමනාව දෙගුණ කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, ලබන වසර සඳහා සිසුන්ට අවශ්‍ය පෙළපොත් නිෂ්පාදනයට අවශ්‍ය කඩදාසි, ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලබා ගැනීමට අදාල ඇස්තමේන්තු මහා භාණ්ඩාගාරය වෙත යොමු කළ බවය.

අමාත්‍යවරයා සඳහන් කළේ , ලබන වසර සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානය කිරීමට චීනය දැනටමත් එකඟ වී ඇති අතර ඉතිරිය ලබා ගැනිමට චීනය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles