Thursday, April 25, 2024

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් හයකට අත්සන් තැබෙි

යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් විදුලි ව්‍යාපෘති ඇතුළු ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06කට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (28) අත්සන් තැබුවා.

ඒ, මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අතර ඊයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්ගේ ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තබා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

ඊයේ (28) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේදී අදාළ ගිවිසුම් අත්සන් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකා ඩිජිටල් අනන්න්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍ර ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම, යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීකරණ පරිගණක විද්‍යාගාර පිහිටුවීම, සුෂ්මා සුරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles