Friday, April 26, 2024

ඉන්ධන ආනයන පිරිවැය අඩුවෙද්දී… බිත්තරය අකම්පිතව..!

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය හරහා ඉන්ධන ආනයනයට මාසිකව වැයවන මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 230 දක්වා පහළ ගොස් ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 

එම අමාත්‍යාංශය නිවේදනය කළේ, එම ක්‍රමවේදය, මෙරට වැසියන්ට කෝටා මත පදනම්ව ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සැපයීමට අමතරව ජාතික ඉතිරියක් පිණිස ද හේතුවී ඇති බවයි.

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදයට මේ දක්වා වාහන මිලියන 6ක් ලියාපදිංචි වී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේ ය. 

ඒ අතර කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සහ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද(22) පැවැත්වෙයි.

ඒ, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී ය.

කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව එම සාකච්ඡාව පැවැත්වෙන බව, වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර , බිත්තර තොග අද දිනයෙත් වෙළෙඳපොලට නිකුත් නොකරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, අද පැවැත්වෙන සාකච්ඡාවේදී පවතින දුෂ්කරතා පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරන කරන බවයි.

පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ.

ඒ අනුව දුඹුරු හා රතු පැහැති කුකුළු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles