Friday, April 19, 2024

ඉල්ලන් කෑමෙන්, අපිත් කෑවා, රටත් කෑවා – බුද්ධදාස කියයි

“තවත් අවුරුදු දෙකක් තියෙද්දී ඡන්දයක් තියලා මහින්ද මහත්තයා ඉල්ලන් කෑවා. අපිත් කෑවා. රටත් කෑවා” යැයි කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි.

කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාද යාත්‍රා ගිහින් මෙම ආණ්ඩුව පෙරළීමට නොහැකි බව මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නා බවයි.

මෙසේ පාද යාත්‍රා යන්නේ FCIDට අධිකරණයට බියේ බවත්, ඉදිරියේදී විමල් ජෝඩුවට හිරේයාමට සිදුවනු ඇති බවත්, හෙතෙම පැවසීය.

මහින්ද මහත්තයා පාද යාත්‍රා ගිහින් පුරුදු කෙනෙක් වුවද තමන් ඊට නොරැවටෙන බවද දැන් සාධාරණ ජනපති කෙනෙක් ඉන්නා බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවට එක්වූ කොළොන්නාව හිටපු නගරාධිපති ප්‍රසන්න සෝලංගාරච්චි මහතා පැවසුවේ එම පාද යාත්‍රාව යන්නේ “රයිගමයි ගම්පොළයි” යනුවෙනි.

විමල් වීරවංශගේ අරමුණ ශ්‍රීලනිපය දෙකඩ කිරීම  බවත්, මහින්ද රාජපක්ෂගේ අරමුණ නාමල් රාජපක්ෂ ජනපති කිරීම බවත්, ඔහු පෙන්වාදුන්නේය.

එම මාධ්‍ය හමුවට ගම්පහ මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති රංජිත් බස්නායක, මොරටුව හිටපු නගරාධිපති සුජිත් පුෂ්පකුමාර, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති නාලක සමරවික්‍රම, බුලත්සිංහල හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුලරත්න යන අයද එක්වෙමින් අදහස් පළ කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles