Friday, March 29, 2024

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොවිඩ් -19 ආසාදිතයින් ඊයේ (09) දිනයේදීත් දිස්ත්‍රික්ක 16කින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදීත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 58 කි.

මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දස දෙනා බැගින් වාර්තා විය.

මහනුවර, මාතර, අම්පාර, බදුල්ල, පුත්තලම, හම්බන්තොට, මඩකලපුව, පොළොන්නරුව, මොනරාගල, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් දස දෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 228 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් 45 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 94,563කි.

කෙසේවෙතත් ඉන් ආසාදිතයින් 91,272 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර ආසාදිතයින් 2,699 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles