Friday, April 19, 2024

ඊයේ නිදහස් කරගත් ගෑස් තොගය ප්‍රමාණවත් දින දෙකකට පමණයි – ලිට්‍රෝ සමාගම

ලිට්‍රෝ සමාගම ඊයේ (17) නිදහස් කරගත් ගෑස් මෙටිට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකහමාරක සැපයුමට පමණක් ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් මෙටිට්‍රික් ටොන් 200 ක් පමණ කර්මාන්තවලට ලබාදෙන බවත් ඉතිරි ගෑස් ප්‍රමාණයෙන් කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.5 යන සිලින්ඩර ප්‍රමාණ තුන නිෂ්පාදනය කරන බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් මෙටිට්‍රික් ටොන් එකකින් කිලෝ 12.5 සිලින්ඩර 80 පමණ නිෂ්පාදනය කළ හැකි මෙන්ම නිෂ්පාදන කරන සින්ඩරවල ප්‍රමාණය අනුව ටොන් එකකින් නිෂ්පාදනය කරන සිලින්ඩර සංඛ්‍යාව තීරණය වන බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

ලිට්‍රෝ සමාගම නිකුත් කළ විවිධ ප්‍රමාණවල ගෑස් සිලින්ඩර අළෙවි නියෝජිතයන් සහ ජනතාව සතුව ලක්‍ෂ 70 ක් පමණ ඇති බවත් ඉන් සිලින්ඩර ලක්‍ෂ 55 ක් පමණ කිලෝ 12.5 ප්‍රමාණයේ සිලින්ඩර බවත් එම ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

එම සමාගම සඳහන් කළේ දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles