Friday, April 26, 2024

උද්ධමනය දිගටම බහී….

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් නොවැම්බර් මස උද්ධමනය සියයට 61 ක් ලෙස සටහන් වූ අතර එය දෙසැම්බර් මස සියයට 57.2 ක් දක්වා පහත වැටී තිබේ.

එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව ආහාර උද්ධමනයද දෙසැම්බර් මස සියයට 9.3 කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා සඳහන් කර තිබේ.

ඉකුත් නොවැම්බර් මස සියයට 73.7 ක් වූ ආහාර උද්ධමනය දෙසැම්බර් මස සියයට 64.4 ක් දක්වා පහත වැටී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles