Friday, April 19, 2024

උසස් පෙළ උපකාරක පන්ති ලබන 27 සිට මාසයක් තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම  ලබන 27 වන දින මධ්‍යම රාත්‍රී සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසන්නේ ලබන 27 වනදා සිට අගෝස්තු මස 27 වැනිදා දක්වා මාසයක කාලයක් මෙම නියෝගය ක්‍රියාත්මක වන බවයි.

එම කාලය තුළ විභාගයට අදාළව උපකාරක පංති සංවිධානය කිරීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම විභාග පනතට අනුව සපුරා තහනම්ය.

යම්කිසි පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසලකා කටයුතු කරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවෙකු වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

කිසියම් පුද්ගලයෙකු මෙම නියෝගය කඩ කරමින් කටයුතු කරන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියි.

මේ අතර මේ වන විට විදුල්පතිවරුන් වෙත යොමුකර ඇති ප්‍රවේශ පත්‍ර කඩිනමින් පාසල් අයදුම්කරුවන් හට ලබාදෙන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා දැනුම්දෙයි.

ඔහු පවසන්නේ එසේ කටයුතු නොකරන විදුහල්පතිවරුන්ට එරෙහිව විභාග පනත යටතේ පියවර ගැනීමට සිදුවන බවයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 2 වැනිදා ආරම්භ වන අතර 27 වැනිදා  අවසන් වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles