Wednesday, April 17, 2024

උසස් පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක්.!!

දෙසැම්බර් මාසයේ පැවැත්වෙන මෙවර උසස් පෙළ (2022) විභාගයට පෙනී සිටින සිසුන් පාසල් අධ්‍යයන කටයුතු සඳහා සියයට අසූවක් (80%) පැමිණ සිටිය යුතු බවට වූ නිර්ණායකය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

රටේ පැවති කොරෝනා වසංගත තත්ත්වය ඇතුළු රටේ ඇතිවූ නොයෙක් අර්බුද නිසා සිසුන්ට නිසියාකාරව අධ්‍යන කටයුතු සිදුකිරීමට නොහැකිවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් විභාගයට අදාළව ප්‍රවේශ පත්‍රය ලබාගැනීමට පාසල් අධ්‍යාපන කටයුතුවලට සියයට 80ක් සහභාගි වී සිටිය යුතු බවට මීට පෙර සොයාබැලීමට කටයුතු කර තිබිණි.

එහෙත් මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගෙන් විශේෂයෙන් බස්නාහිර පළාතේ පාසල් නිසියාකාරව පවත්වාගෙන යෑමට නොහැකි වී තිබූ බව අධ්‍යාපන බලධාරීන්ගේ ද අවධානයට යොමුවී තිබිණි.

මේ සියලු කාරනා සැලකිල්ලට ගෙන උසස් පෙළට පෙනී සිටින සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍ර ලබාදීමේදී සියයට අසූව නොසලකා හැර ප්‍රවේශ පත්‍රය ලබාදෙන ලෙස රණසිංහ මහතා ඉල්ලීමක් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles