Thursday, April 18, 2024

එංගලන්තයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

එංගලන්තයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එංගලන්තයේ බෙක්ස්ලිහීත් නගරයේ නිවසක සිදු වූ ගිනි ගැනීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක්, කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඥාති කාන්තාවක් මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

කුඩා දරුවන් වයස අවුරුදු එකක් සහ අවුරුදු හතරක් පමණ වයසේ පසුවන බවට විශ්වාස කෙරේ.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලක සාමාජිකයන් පිරිසක්.

කෙසේවෙතත් ගින්න ඇතිවන අවස්ථාවේ නිවසේ සිටි තවත් අයෙකු නිවසේ උඩු මහලෙන් බිමට පැන දිවි ගලවාගෙන තිබෙනවා.ඔහුගේ දෙපාවලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්තයේ ගිනිකොණ දිග ලන්ඩනයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික සම්භවය සහිත කාන්තාවන් දෙන්නෙකු හා දරු දෙන්නෙකු මරණයට පත්වූ කම්පිත සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට පමණ බෙක්ස්ලිහීත් හි හැමිල්ටන් පාරේ නිවසක මෙම ගින්න හටගෙන ඇත.
මියගිය එක් කාන්තාවක දැවෙන දේපළ තුළ සිට තම සැමියාට දුරකථන ඇමතුමක් ලබාදි “ගින්දරක් ගින්දරක්” යැයි කෑගැසූ බවද වාර්තාවී තිබේ.


වයස අවුරුදු හතරක් වන පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු එකහමාරක් වන ගැහැණු දරුවෙකු සමග කාන්තාවන් දෙදෙනෙකු මෙහිදී මියගොස් ඇත. එම කාන්තාවන් දෙන්නා දරුවන්ගේ මව හා මවගේ මවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා එන්ජින් හයකින් ගිනි නිවන භටයින් 40 ක් පමණ එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තාවේ.
ඉණිමඟවල්වල නගිමින් සහ හුස්ම ගැනීමේ උපකරණ භාවිතා කරමින්, කාර්ය මණ්ඩලය වැඩිහිටියන් සහ ළමයින්  ඇද ගැනීමට සමත් වූ නමුත් ඔවුන් සියල්ලන් එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles