Thursday, April 25, 2024

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීමට සැලසුම්

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සඳහා සියලු පාර්ශව එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව එම සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඒ යටතේ නුදුරු දිනකදී සුළු පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (27) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී පවතින ආසන සංවිධායකවරුන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ අවස්ථාවට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“අපේ සංවිධාන කටයුතු අඩු කරන්නේ නැතුව කරගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා. ඒ එක්කම එක්සත් ජනතා නිදහස් සන්ධානයත් අපි පසුගිය අවස්ථාවේ කැඳවුවා. ඒකත් තවත් ශක්තිමත් කරලා අපි කණ්ඩායම් කැඳවනවා. 11 වෙනිදාට අපේ කුඩා පක්ෂ ටිකත් එනවා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ ටික. අපි අපේ දේශපාලන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.”

ප්‍රශ්නය – මධ්‍යම කාරක සභාවේ දී යම්කිසි තීරණයක් ගත්තා කියලා රෝහණ ලක්ෂ්මන් මහත්මයා කිව්වා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානය සාර්ථකව කරනවා කියලා.

“අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරන්න සියලු පාර්ශව එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මැතිවරණයක් ජයග්‍රහණය කරන්න කාටවත් තනියම බෑනේ. හැමදාම වමේ ආණ්ඩු පිහිටුවලා තියෙන්නේ ශක්තිමත් සන්ධාන ගොඩනැඟීම තුළ. අපි මේ ආණ්ඩු කඩාකප්පල් කරලා වරප්‍රසාද දීලා අරගෙන එහෙම කතන්දරයක් නෑ. අපිත් සන්ධානය ශක්තිමත් කරනවා. අපි ආණ්ඩුවේ පක්ෂ වෙන්න පුළුවන්. පරිභාහිරව තියෙන හුදකලා පක්ෂ වෙන්න පුළුවන්. නැත්නම් විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් වෙන්න පුළුවන්. අපිට එකතුවෙන්න පුළුවන් කණ්ඩායම් සියල්ල අපි එකතු කරගන්නවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles