Saturday, April 20, 2024

එකෙක්වත් කිසිම දෙයක් කරල නෑ..! පළාතක එන්න එපා – මහා නාහිමිවරු කියති

රට තුළ දේශපාලන සමාජීය හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කොට ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් ත්‍රෛ නිකායික මහා නා හිමිවරුන් නැවතත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන් වෙත යැවූ ලිපියෙන් මහ නාහිමිවරුන් යළි සිහිපත් කරන්නේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂීක පොදු අන්තර් කාලීන පාලන ක්‍රමයක් ගොඩනැගීමට උත්සුක වන ලෙසයි.

2022 අප්‍රෙල් මස 04 වනදා සහ අප්‍රෙල් මස 20 වනදා ත්‍රෛයි නිකායික මහා නා හිමිවරුන් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන ලෙස යැවූ යෝජනා මාලාවට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීම පිළිබඳව අප්‍රසාදය සහ කනගාටුව පළ කරන බව ත්‍රෛ නිකායික මහානා හිමිවරු පෙන්වා දෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles