Friday, March 29, 2024

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට ෆයිසර් එන්නත ලබා දෙයි

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව, ඕන ම එන්නතක මාත්‍රා දෙක ම ලබා ගත් පුද්ගලයින්ට අදාළ කාල සීමාව තුළ බූස්ටර් එන්නත ලෙස Pfizer කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (නොවැ. 22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදියා Sputnik V එන්නත ලබා ගත් වයස අවරුදු 60ට වැඩි අයට බූස්ටර් එන්නත ලෙස Pfizer කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ හැකියාවක් තිබේ ද? යන්න පිළිබඳව ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේ ය.

“දැනට අපේ මාර්ගෝපදේශවල තියෙන්නේ එන්නත ගැන නොසලකා, ඒ ඒ වයස් කාණ්ඩවල සහ ඒ ඒ රෝග ලක්ෂණ තියෙන අයට ඒ නියමිත කාල සීමාව තුළ Pfizer බූස්ටර් එන්නතක් ලබා ගැනීමට අයිතියක් තියෙනවා, හැකියාවක් තියෙනවා.”

හෙි අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවෙි නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

දැනට රට වසා දැමීම හොඳම පියවර ලෙස පෙනී ගියද එය තවත් ආකාරයකට ආර්ථික අගාධයකට රට ඇද දැමීමක් වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා දැනට ලිහිල් කර ඇති සංචරන නිදහස අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිතා කරන්නැයිද කරන්නේද ඔහු ඉල්ලා සිටියි.

එසේ නැත හොත් නුදුරු දිනකදීම ආර්ථිකය ඇද වැටීම හේතුවෙන් මාසික ආදායම අහිමි වන තැනට පත් විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles