Saturday, April 20, 2024

එලෝන් මස්ක් යුක්‍රේනයට අන්තර්ජාල පහසුකම් ලබා දීමට ඉදිරිපත් වෙි

රුසියානු ප්‍රහාරයෙන් විනාශ වූ අන්තර්ජාල සේවා ප්‍රතිස්ථාපනය කරන ලෙස යුක්රේන දේශපාලන නායකත්වය විසින් කරන ලද ඉල්ලීමකින් පසු SpaceX හි Starlink චන්ද්‍රිකා දැන් යුක්රේනය පුරා ක්‍රියාත්මක වන බව එහි හිමිකරු Elon Musk පවසයි.

ඒ අනුව යුක්‍රේනය රුසියාව පහර දෙනවාත් සමගම බිද වැටුණු අන්තරජාල පද්ධතිය යලි ප්‍රතිස්ථාපනය කිරීමට එලෝන් මස්ක් පියවර ගෙන ඇත.ඔහු තම “ස්ටාර් ලින්ක්” ව්‍යාපෘතියට අදාල සැටලයිට් 2000ක් යුක්‍රේනයට ඉහල අහසේ ස්ථානගත කරමින් යුක්‍රේනයට අධිවේගී අන්තරජාල පහසුකම් ලබා දී ඇත.ඔහු මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් ද නිකුත් කොට ඇත.

රුසියානු හැකර්වරුන්ට මේ නිසා යුක්‍රේනයේ සන්නිවේදන පද්ධතියට හානි කිරීමට ඇති හැකියාවද ගිලිහී ගොස් ඇත.

රුසියානු ආක්‍රමණය හේතුවෙන් මේ වනවිට යුක්‍රේනයේ ඇතැම් ප්‍රදේශවල බිඳවැටී ඇති අන්තර්ජාල පහසුකම් නැවතත් ලබාදීමට ස්ටාර්ලින්ක් වැඩසටහන කටයුතු කර ඇති බව එලෝන් මස්ක් සඳහන් කරයි.

ආක්‍රමණය හේතුවෙන් දකුණු සහ නැගෙනහිර යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල සබඳතා බිඳවැටී ඇති හෙයින් යුක්‍රේන උප අගමැතිවරයා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා ද වන මිහයිලෝ ෆෙඩරොව් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මස්ක්ගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ ස්ටාර්ලින්ක් වැඩසටහන හරහා මෙම අවස්ථාවේ දී යුක්‍රේනයට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසයි.

සිය ට්විටර් පණිවිඩයේ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඔබ අගහරු ජනාවාසා කිරීමට උත්සාහ දරන විට රුසියාව යුක්‍රේනය අල්ලාගැනීමට උත්සාහ දරන බවත්, ඔබේ රොකට් යානා සාර්ථකව අභ්‍යවකාශ ගතවන විට රුසියාවේ සිවිල් යානා යුක්‍රේන සිවිල් ජනතාව වෙත ප්‍රහාර එල්ල කරන බවත් ය. ඒ අනුව යුක්රේනයට ස්ටාර්ලින්ක් ස්ටේෂන් ලබා දෙන ලෙසත්, සිහිබුද්ධිය ඇති රුසියානුවන්ට නැගී සිටීමට ඒ හරහා ආමන්ත්‍රණය කරන ලෙසත් ඔහු සිය පණිවිඩයේ සඳහන් කර තිබුණි.

පැය කිහිපයකට පසු එයට ප්‍රතිචාර දක්වමින් මස්ක් සඳහන් කර ඇත්තේ ස්ටාර්ලින්ක් සේවාව යුක්‍රේනයේ දැන් ක්‍රියාත්මක බවත් තවත් පර්යන්ත සපයමින් සිටින බවත් ය.

ස්ටාර්ලින්ක් යනු ලොව අංක එකේ ධනවතා සහ පසුගිය වසරේ ටයිම්ස් සඟරාව විසින් වසරේ පුද්ගලයා ලෙස ද නම් කළ එලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති පෘථිවිය වටා කක්ෂගත වන චන්ද්‍රිකා සමූහයක් හරහා ලෝකයේ වඩාත්ම දුරස්ථ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය ලබා දීමේ වැඩසටහනකි.

SpaceX සමාගම 2019 වසරේ එහි පළමු පර්යන්ත 60 දියත් කළ දා සිට මේ වනවිට චන්ද්‍රිකා 2,000කට වැඩි ප්‍රමාණයක් අභ්‍යවකාශයට යවා ඇති අතර අනාගතයේ දී පෘථිවි පහළ කක්ෂයේ චන්ද්‍රිකා 42,000ක් පමණ තබා ගැනීමට ඔවුන් විසින් සැලසුම් කර ඇත.

ව්ලැඩිමීර් පුටින්ගේ අනපේක්ෂිත ආක්‍රමණය හේතුවෙන් රටේ සමහර ප්‍රදේශ අන්තර්ජාලය නොමැතිව හුදකලා වී ඇති අතර, මේ අනුව SpaceX විසින් ලෝකයේ ළඟා වීමට අපහසු දුෂ්කර ප්‍රදේශ සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් ගෙන ඒම සඳහා අභ්‍යවකාශ ගත කර ඇති සන්නිවේදන චන්ද්‍රිකා දහස් ගණනන් වල සේවය ලබා ගැනීමට යුක්රේන වැසියන්ට ලැබේ.

SpaceX පද්ධතියට ෆයිබර් ඔප්ටික් කේබල් අවශ්‍ය නොවන බැවින් ඔවුන්ට උදව් කරන ලෙස යුක්‍රේනයේ උප අගමැති මස්ක්ගෙන් ඉල්ලා සිටීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

භූමියේ සිටින පරිශීලකයින් SpaceX විසින් විකුණන ලද කට්ටලයක් භාවිතයෙන් නැවත පෘථිවියට විහිදෙන බ්‍රෝඩ්බෑන්ඩ් සංඥා වෙත ප්‍රවේශවීමෙන් අධිවේගී අන්තර්ජාලට එක් විය හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles