Thursday, March 28, 2024

කංසා අපනයනයට ආණ්ඩුව සැරසෙයි

ඉදිරි මාස තුන තුළ ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසනවා.

පිළිකාව වැනි රෝග සුව කිරීමට උපයෝගී කරගන්නා ඖෂධ නිෂ්පාදනයට වැදගත් ඇති බවට “ඖෂධීය කංසා” හඳුනාගෙන ඇති බවයි රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ.

විශේෂයෙන්ම ඖෂධීය කංසා පිළිකා රෝග, ස්නායු රෝග, මන්ද මානසික වැනි විවිධ රෝග වලට පිළියමක් බවත් , බටහිර යටත් විජිතවාදය මෙම ඖෂධ තහනම් කර ඇතැයි සිසිර ජයකොඩි මහතා අද (30) පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය අමාත්‍යංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් සඳහන් කර සිටි

අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඉදිරි මාස තුන ඇතුළත ඊට අදාළ අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබාගැනීමට කටයුතු කරන බවය.

“ඉදිරි මාස තුන ඇතුළත විශේෂයෙන්ම ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබාගන්න අපි අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරලා තියෙනවා, ඒ කටයුතු මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉතා ඕනෑකමින් යුතුව මතක් කරනවා”.

ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

සම්ප්‍රදායික ඖෂධ නීතිගත කරන බවත් කංසා මගින් පිළිකා සුව කළ හැකි යැයි සොයාගෙන ඇති බවත් ජයකොඩි මහතා කීවේය.

දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට නිපදවීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය වෛද්‍ය ක්‍රමය හරහා විදේශ විනිමය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයිද සඳහන් කළේය.

අංශභාග රෝගවලට පිළිකා රෝගවලට දණහිස් ආබාධවලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතිකාරවලින් පිළිසරණ ලැබෙන බවත් පිළිකා සහ අංශභාග රෝග සඳහා වෙනම වෛද්‍ය ප්‍රතිකාර ඒකක පිහිටුවීමට කටයුතු කරගෙන යන බවත් සිසිර ජයකොඩි මහතා පැවසුවේය.

නොයෙක් දේශීය ඖෂධ වර්ග අපනයනය සඳහා විශාල ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවත්, අපනයනය ඉලක්ක කර ගත් දේශිය ඖෂධ සඳහා වැඩි ඉඩක් ලබා දී ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ සඳහා ලියාපදිංචි ආයතන 607ක් සහ නව බලපත්‍ර නිකුත් කිරීම් 1310ක් ප්‍රවර්ධනය කර ඇතැයිද කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles