Friday, March 29, 2024

කටුනායක පී.සි.ආර් රසායනාගාරය අද විවෘත වෙයි

තාවකාලිකව වසා දමා තිබූ කටුනායක ගුවන් තොටුපළට අනුබද්ධිත පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය අද අලුයම 04.30 සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් මගීන් සදහා විවෘත කළ බව මෙම ඒ.ඒ.එස්.එල්. හොස්පිනෝම් වෛද්‍ය රසායනාගාරයේ කාර්යය භාර කළමනාකරු සුමුදු සරසිජා මහත්මිය පැවසුවාය .

පූර්ණ එන්නත්කරණයට භාජනය වූ සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන් සදහා මෙම රසායනාගාරය තුළින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ගත හැකි බව සුමුදු සරසිජා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .

මෙහි එක් පී.සී.ආර්. එක් පරීක්ෂණයක් සදහා ඇමෙරිකානු ඩොලර් 40 ක මුදලක් අය කෙරෙන අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵල පැය 03 ක කාළයක් ඇතුළත ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ද ඇය පැවසුවාය .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අනුමැතිය යටතේ මෙවර මෙම රසායනාගාරය ආරම්භ කර ඇති අතර , පළපුරුදු , කාර්යක්ෂම රසායනාගාර ශිල්පීන් පිරිසක් මෙම රසායනාගාරය තුළ සේවයට යොදවා ඇති බව ද සුමුදු සරසිජා මහත්මිය පැවසුවාය .

විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන් , මේ නිසා තම  ගුවන් යානය පිටත්ව යෑමට නියමිත වේලාවට පැය 06 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණිය යුතු බව ද සරසිජා මහත්මිය ප්‍රකාශ කළාය .

මෙම වෛද්‍ය රසායනාගාරය විවේකාගාරයක් සහ වෛද්‍ය රසායනාගාරය වශයෙන් කොටස් දෙකකින් සමන්විත බව ද සුමුදු සරසිජා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .

ඒ අනුව පළමුවෙන්ම අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත , කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිසක් , පී.සී.ආර්.පරීක්ෂණ සදහා මෙම රසායනාගාරය වෙත පැමිණ සිටියහ .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles