Tuesday, April 16, 2024

කඩා වැටුණු ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක්

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවති “සංචාරයට අවසරයි” මාධ්‍ය හමුවට එක් වෙමින් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි කියා සිටියේ කඩා වැටුණු ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුව යමින් නගා සිටුවීමට පියවර ගනු ලබන බවයි. 

මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ ක්ෂේත්‍රයේ දසලක්ෂයකට අධික පිරිසකගේ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා අහිමි කිරීමට තරම් එය බලවත් වූ බවයි. එමගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබුණු විශාල මුදලක් රටට අහිමි වූ බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

නව සැලසුම් සහ ක්‍රමෝපායන්ට අනුගතව වසර 2030 වන විට සංචාරකයන් මිලියන 07ක් මෙරටට ආකර්ෂණය කරගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන දහයක ආදායමක් උපයා ගැනීම තම අමාත්‍යාංශයේ අරමුණ බව ලේකම්වරයා සඳහන් කළා.

අරමුණට ළගාවීම සඳහා ගෝලීය ප්‍රමිතීන්ට හා නිර්ණායකයන්ට ශ්‍රී ලංකාව ද එක්විය යුතු අතර ඒ සඳහා සියලු රටවැසියන් ද ආකල්පමය වශයෙන් ධනාත්මක ස්වරූපයක් දැරිය යුතු බවත් අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් සංචාරක සංවර්ධන අධිකාරිය සතු බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදී කියා සිටියා.

සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් හා මානව සම්පත් සතු සංස්කෘතික හැකියා සහ විභවතා විද්‍යාත්මක ලෙස ප්‍රවර්ධනය කිරීමටත් එමගින් ලංකාවට සීඝ්‍රයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට පියවර ගැනීම ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles